System Analisys and Design Project - 2d year
Posted on: Sat, 10/04/2008 - 23:21
System Analisys and Design Project - 2d year
Use this thread to continue the discussion on SAD group project. According to my experience, this is the most important cource module for the BICT students. Put the maximum weight that you can on this project. Below mentioned book is a very good book to read before you start the designing of your system.
Visual
Modeling with Rational Rose 2000 and UML
- TERRY QUATRANI
- Publisher: Addison Wesley
- You can download this book from, http://www.pdfchm.net/

http://www.ucsclodge.lk/content/ict-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1...
අයියේ අපිට presentation අඟහරුවාදා. මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. අයියේ සාමාන්යපයෙන් presentation එකේදි කොයි වගේ ප්රනශ්න වලට මූන දෙන්න වෙයිද? අපේ Client (Dr. Hirimburegama) සමහරවිට එන්න ඉඩ තියෙනවා. ඒ නැතත් දර්ශන අයියා එන්න උත්සහ කරන්නම් කිව්වා. Presentation එකේදි මොනවගේ ප්රඒශනද අහන්නේ? අපි ගිය බ්රයහස්පතින්දා සරසි මිස්ට Presentation එකක් කරල පෙන්නුවා. කසුන් සර්ට busy කියල එන්න බෑ කිව්වා. සරසි මිස් අඩු පාඩු හරිගස්සලා දුන්නා.
අපි presentation එක කරන්න ඉස්සෙල්ලා රූපිකා මැඩම්ගෙන් ඇහුවා presentation එකට system එකේ interfaces දාන්න ඕනද කියලා.(මමමයි මැඩම්ගෙන් ඇහුවෙ) එතකොට කිව්වා presentation එකට විතරක් නෙමෙයි SRS එකට දාන්නත් එපා කිව්වා. ඉතින් අපි බ්රයහස්පතින්දා කරපු presentation එකටයි SRS එකටයි interfaces දාන්නෙ නැතිව හදලා ඉවර කලා. SRS එක Clientට mail කලා. සිකුරාදා උදේ මැඩම් LMS එකට දාල තිබුන SRS එකට සහ presentation එකට interfaces දාන්න ඕනා කියලා. ඒවිතරක් නෙමෙයි SRS එක පිටු 25-30 කට සීමා කරලා. දැන් අපි interfaces දැම්මොත් ඒ limit එක අනිවා පනිනවා. එතකොට SRS එක ආයෙත් මුල ඉඳන් හදන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි තාම interfaces හදලත් නෑ. (මට එපාාාාා වෙලා තියෙන්නෙ). සඳුදත් නිවාඩු නිසා ඒක කරගන්න පුලුවන් වෙයි. ඇත්තටම අයියේ SRS එකට සහ presentation එකට interfaces දාන්න ඕනා ද? අපි SRS එකට cost/benefit analysis එක දැම්මෙත් නෑ. ඒකත් දාන්න ඕනා ද?
අයියේ දැන් තියෙන තත්වය අනුව පුලුවන් නම් ඉක්මනට ම reply එකක් දාන්න. විශේෂයෙන් ම presentation එක ගැන. අපිට ඒක තියෙන්නේ අඟහරුවාදා 3.30-4.00. අයියලට අපිට වඩා වැඩ තියෙනවා කියල මම දන්නවා. Whatever Thanks for your support.
මට තේරෙන විදියට SRS එකට interfaces දාන්න ඔන නෑ. මෙතනදි වැදගත් වෙන්නෙ ඔයාල ක්ලයන්ට්ගෙ requirements හරියට අදුන ගත්තද කියන එක.
ඔයාලට template එකක් දුන්නෙ නැද්ද? ඒකෙ interfaces දාන්න කියල නැත්තං දාන්න එපා. ඒ වගේම තමයි මිස් එපා කිව්ව නං එපාම තමයි. කවුරු දැම්මත් මිස් එපා කිව්වනම් බය වෙන්න දෙයක් නෑ. ඔවට කලබල වෙන්න එපා.
presentation එකට නං interfaces දාන්නම එපා. ඒක කිසිම professional වැඩක් විදියට පේන්නෙ නෑ. කරන්න බලාපොරොත්තු වෙන දේ වචනයෙන් කියන්න. ඒ ඇති. රූප සටහන් පාවිච්චි කරන්න system එකේ flow එක පෙන්නන්න.
අපි නං interfaces දාල තිබුන. ඇත්ත එව නෙවෙයි. client ට අපි කරන්න යන්නෙ මොකක්ද කියල දළ අදහසක් ලැබෙන විදියට, කිහිපයක්.
cost/benefit analysis දාන්න ඔන මම හිතන්නෙ. ඒක වැදගත්.
@"ඒ විතරක් නෙමෙයි තාම interfaces හදලත් නෑ", දැන් සෙමෙස්ටරෙන් බාගයක් ගිහින් නිසා යම් වැඩ ප්‍රමාණයක් කරල තියෙන්නෙ ඔන. දැන් ඉතින් කමක් නෑ. අනික මම මුල ඉදන්ම කිව්ව වගේ interfaces වලින් හිතන්න එපා. data flow එකයි entities ගැනයි හිතන්න. presentation එක client ට මේල් කරන්න ඔන නෑ. Sarasi මිස්ටත් පෙන්නල අඩුපාඩු හදාගත්ත නිසා මං නං හිතන්නෙ අවුලක් නෑ කියල. හැබැයි මේ යන විදියට ගියොත් ඊලග presentation එකේදි නං අවුලක් වෙනව. ඒ නිසා වැඩ පටන්ගන්න. පෙන්නන්න පුළුවන් දෙයක් හදල තියාගන්න.
අයියේ තව පොඩි ප්‍රශ්න 2ක් තියෙනවා.
1. අපි හදන Web based (intranet based) එකේ header එකට පොඩි animation එකක් දැම්මට කමක් නැද්ද ? එහෙම දැම්මොත් මොනව හරි disadvantages තියෙනවාද?
2. අපි mysql වල තියෙන default encryption method එකක් පාවිච්චි කරන්නද? නැත්නම් අපිම කියල එකක් හදාගන්න ද? (මම දැනටමත් ceasor cipher, polyalphabatic cipher වගේ දේවල් java වලින් implement කරල තියෙනවා )
මේ ප්‍රශ්න 2ට ඉක්මනටම උත්තර ඕනා නෑ. අයියට ඉවරයක් තියේනම් reply කරන්න.
Thanks
LAN එකේ දුවනව නම් ඒක කිසි ගැටලුවක් නෑ. GIF එකක් දැම්ම නං කොහොමත් ගැටළුවක් නෑ. Flash එකක් උනත් දැම්මට කමක් නෑ. ඒ උනාට සිස්ටම් එක ලස්සන කරන්නෙ කොහොමද කියල හිතන එක පස්සට දාන්න. :) .
data encrypt කරාම slow වෙනව. ඔයාල හරියටම කාර්යක්ෂම විදියට වැඩ නොකරොත් ඒක බලපානව. අපේ එක මම encrypt කලේ නෑ අඩුපාඩු තියෙන නිසා. (දැන් තමා තේරෙන්නෙ :( ). user name password encrypt කරාට කමක් නෑ. DES වගේ එකකින් encrypt කරන්න. mysql වල functions තියෙනව key එකක් එක්ක පාවිච්චි කරන්න.නැත්තං Php වල crypt() කියල function එකක් තියෙනව.
අඟහරුවාදාට OR assignment එක. ඒත් SAD project එක අමතක කරන්න බෑ. එදා presentation එකේ දි අපිට කිසිම අවුලක් වුනේ නෑ. එතනදි කසුන් සර් කිව්වා කෙනෙත් අයියල ucsc එකට හදන inventory system එක බලලා idea එකක් ගන්න කියලා. අපි ඒක බැලුවා. ඒත් ඒක හදාගෙන යන්නේ Joomla පාවිච්චි කරලා. කසුන් සර් කියනවා අපිත් එහෙම කලාට කමක් නෑ කියලා. හරිම අලකලංචියක් තමයි. අයිය ඒ ගැන මොකද හිතන්නේ?
මේ දවස්වල අපි diagrams වල වැඩටික ඉවර කරගෙන යනවා.(ඉවරයි වගේ තමයි) මුලින් interfaces ටිකක් හදපු නිසා ඒවා SRS එකට දාලා client ට දුන්නා. Client සර් එක්ක meeting එකක් ලබන සතියේ තියෙනවා. තව අවුලක් තියෙනවා. SmartDraw 2008, software එක activate කරගන්න මට නං තේරෙන්නේ නෑ. මම දන්න හැම වැඩක්ම කරල බැලුවා. අයියලත් ඒක use කලානේ? ඒක activate කරන හැටි කියලා දෙන්න.
ER diagram එකේ පොඩි පොඩි issues තියෙනවා. ඒවා ටික රවිහංස අයිය කියලා දෙන්නං කිව්වා. දැනට නං වෙන අවුලක් නෑ. SmartDraw 2008 ඉක්මනටම activate කරගන්න ඕනා.
උදව් කරන කාට කාටත් Thanks…