ICT දෙවන වසර ව්‍යාපෘතිය

Posted by kanishka_3000 on Sat, 08/29/2009 - 22:40

ඇත්තටම මෙය අදාල ෆොරමය තුලම සටහනක් ‍ලෙස ලිවීම වඩාත් යෝග්‍ය වුවත් කිවිමට බොහෝ දේ ඇති නිසා බ්ලොග් සටහනක් ලෙස ලිවිමට අදහස් කරන ලදි. ඔබ ICT හදාරන දෙවන වසරට සමත් වූ සහොදර/සහොදරියක් නම් , ඔබට මේ වසර තුලදී නිම කිරීමට මෟදුකාංග නිර්මාණය කිරීමේ හා ගොඩ නැංවීමේ ව්‍යාපෘතියක් ඇති බව ඔබ හොදින්ම දන්නවා ඇති.
අපි වසර තුලදි ලබාගත් අත්දෑකිමුත් , ව්‍යාපෘතිය අවසානයේ හදුනාගත් අ‍ඩුපාඩුත් ඔබට හදුන්වාදීමට අදහස් කරමු.
මූලික වශයෙන් ව්‍යාපෘතිය ගැන
1. ඔබට ලැබෙනා ව්‍යාපෘතිය විශ්ව විද්‍යලය විසින් තොරා දෙනු ඇත. එය ඔබට තොරා ගැනීමෙ හැකියාවක් නොමැත.
2. කණ්ඩායම් සකසනු ලබන්නේද විශ්ව විද්‍යලය මගිනි(ඇතැම් විට එය මෙවර වෙනස් විය හැක.)
3. ආරම්භයේදීම ඔබට කාල සටහනක් ලැබෙන අතර කල් යන විට එය අපට වඩා, වෙනත් අදාල පුද්ගලයින් අවශ්‍ය පරිදි වෙනස් කරන බව ඔබට වැටහෙනු ඇත. නමුත් සමස්ථයක් වශයෙන් කාලසහනට අනුව වැඩ කිරිම සිදුවේ.
4. ඉතා විශාල ප්‍රමාණයක් Presentation ලැබෙන අතර එහිදී බැනුම් ඇසීමටත් නොකල වැරදි වලට බයිට් වීමටත් සූදානම් විය යුතුයි.(ඔබ කල දෙය නිවැරදි බව කියන්නේ නම් ඒ ඉතාම කලාතුරකිනි. මට එය මුලු වසරටම එක වරක් සිදුවිය)
5. ඔබට බොහෝවිට web based ව්‍යාපෘතියක් ලැබීමට ඉඩ ඇති අතර සමහර අවස්ථා වල එකම ආයතනට කණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබේ. මෙ‍හිදී ඔවුන් සමග සහයොගයෙන් වැඩ කල යුතුය. අපට ලැබුන චොදනාවක් වූයේ එකම ආයතනයක කණ්ඩායම් දෙක වෙනස් ආකාරයේ මුහුණත් නිර්මාණය කර තිබීමයි. මෙය ආයතනයේ අවශ්‍යතාවය වුවත් එය ඒ අවස්ථාවේ පැහැදිලිව ඔප්පු කල යුතුය.
ඔබ දැන සිටිය යුතු දෑ
1. ඔබට යම් කිසි පරිෂණක භාශාවක් ගැන අදහසක් පැවතිය යුතුයි. කණ්ඩායමේ අවම තරමින් එක් අයෙක් වත් තාක්ෂණික දැනුම පිලිබදව වග බලාගන්න. ඔබ යොදාගැනීමට අදහස් කරන භාශාව දැන සිටිය යුතු බව මෙයින් අදහස් නොවේ. programming යනු කුමක්ද යන්න ගැන අත්දෑකීමක් පමණක් අවශ්‍යය.
2. Object Oriented Concepts නිවැරදිව තහවුරු කරගන්න. UML නිවැරදිව ඉගෙන ගන්න. පුස්ථකාලයේ අවශ්‍ය තරම් පොත් ඇත
වැදගත් දේ
1. විශ්ව විද්‍යලය තුල උගන්වනුයේ මුලික සිදිධාන්ත පමණි. සියලු දේ ඉගැන්විය නොහැකි අතර එසේ කිරිමට උත්සහ කිරිමෙන් සිදුවන්නෙ කිසිවක් ඉගෙන ගැනීමට නොහැකී වීමයි. උගන්වන දේවලින් තමා කැමති දේ තොරාගෙන තනිවම ඉගෙන ගන්න. අනෙක් දේවල් විශ්ව විද්‍යලයේ උගන්වන ප්‍රමෘනය දැන සිටිම ප්‍රමාණවත්ය. උදා පලමු මාස 6 තුල උගන්වනු ලබන php ප්‍රමාණයෙන් ව්‍යාපෘතිය කිරිමට නොහැකි බව ප්‍රකාශ නොකරන්න. සම්පුර්ණයෙන් Php ඉගැන්වීමට අදාල ආයතනයත් සමග විශ්ව විද්‍යලයට කිසි සම්බන්ධයක් නැත. එසේනම් අනිත් භාෂාද සම්පුර්ණයෙන් ඉගැන්විය යැතුය.
2. පලමු මාස 6නිර්මාණ කටයුතු වල වෙන් කෙරේ. මගේ අදහස නම් නිර්මාණය කරන අතර තුලම ගොඩ නැංවීමද කරගෙන යන්න. එවිට තමුන්ට හරියම object oriented පිළිබද වැටහෙනු ඇත. කොල වල ලිවීමෙන් මේ අව බොධය ලබාගත නොහැක.
සමහර විට කල් යන විට කලින් කල නිර්මාණ ගොඩ නැංවීම් කාර්යක්ෂම නොවන බව වැටහේ. එවිට ඒවා නැවත කිරිමෙන් තමාට පාඩුවක් වෙන්නේ නැත
3. අන්තර් ජාලයේ පවතින කෝඩ් copy paste කිරීමෙන් තමාටවත් අන් කිසිවෙකුටත් වැඩක් නැත. මෙහි මුලික අරමුණ ව්‍යාපෘතිය කිරීම නොව ව්‍යාපෘතියක් කරනා අන්දම ඉගෙන ගැනීමයි. හැකිතාක් දේ අතින්(ආධාර නොමැතිව) ලියන්න.
4. තමාට අවශ්‍ය නම් අතින් ලිවිය හැකි බවට විශ්වාසය ගොඩ නැගුන පසු tools භාවිත කලාට කම් නැත. notepad හො gedit පමණක් යොදාගන්න ලෙස නොකියමි. dreamweaver වලින් ස්වයංක්‍රියව ගොඩ නැංවීම් භාවීතා කිරිමට පෙර තමාට එය අතින් කිරීමට හැකි තත්වයට පත් විය යුතුයි.
5. පලමු මාස 6 තුල බොරුවට සටහන් ඉදිපත් කර වෙනත් දේවල් දෙවන මාස 6 කර මොකක් ‍හෝ දීමට බලාපොරෙත්තු වන්නේ නම් එය තමාවම රවටා ගැනීමකි.
6. තමාට ලැබෙනා client සමහ හොද සම්බන්ධතාවයක් ගොඩ නගාගන්න.
7. මෙහිදී සම්පුර්ණයෙන්ම object oriented ක්‍රමයට කිරීමෙන් මුලදි අපහසු වුවත් පසුව එහි පහසු බව වටහාගත හැක. නැත්තම් මෙය ඉගෙන ගැනිමට සිදුවන්නෙ රැකියාව කරන විටය. මට භාවිතයට ලැබුන හොදම IDE නම් netbeans for php ය. එල සම්පුර්ණයෙන්ම object oriented php සදහා සහය දක්වයි.

මට මේ මොහොතේ කීමට මතක් වන්නේ ඔපමනකි. ඔබට යම් ගැටලුවක් වේනම් මෙහි යොමු කරන්න. මට හැකි පමණින් පිළිතුරු සපයන්න උත්සහ කරන්නම්. අප කල වැරදි මග හරවා ගෙන අපට වඩා හොද ව්‍යාපෘති ඔබ ඉදිරිපත් කිරීම අපේ අරමුණයි.
ඔබට ජය.

0
thanks

අය්යේ මොනව උනත් thanks. ඒත් අය්යේ මට නම් අය්යා කියල තියෙන දෙවල් ග්‍රික් වගේ. අය්යා මේ මොන subject එක ගැනද මේ කතා කරන්නේ?
මෙතන subject කිහිපයක එකතුවක්ද?

Posted by NadiraPerera on Mon, 08/31/2009 - 13:38
නෑ

අපොයි නෑ. මේ එක සබ්ජෙක්ට් එකයි. SAD group project කියන එක.
http://uglms.ucsc.cmb.ac.lk/course/category.php?id=22

Posted by kanishka_3000 on Mon, 08/31/2009 - 19:40
Important!!!

Guyz, this project is a great opportunity to test your application of theories in a real context. You can a get a fine understanding before you go in to the industry about HOW TO DO a SOFTWARE PROJECT.

Brothers and sisters this project carries 6 credits for the 2nd year (3 credits per semester). So it is very important to perform well in this project. This is a group project. When I say so few people will be relieved - "Aah great!!! Ts a group project ne, i can ride free...". But please don't ever try to do that. You will loose your individual marks as well as a great experience.

Are u afraid of coding??? And cant learn it??? Get involed in the coding as well as designing. Dnt try BIG things, Code a page correctly, use COMMENTS as much as possible. I myself was afraid of coding but i've tried to it - THAT'S THE WAY IT IS! THERE'S NO EASY WAY OUT!

Try to refer books in the library. Bros and sis this ih nt like your other projects. Believe me this has a great impact on your GPA, your Career and your Future. So pleassssss get involed in the project actively. Try to do hard work all the time. All the best. If u hv any problem jst ask from us!

Posted by srbrajapakse on Tue, 09/01/2009 - 19:55
project එකනම් දුන්නා

ඔන්න අපිට project එකනම් දුන්නා. ම‍ෙග් අංකය දැන් කියයි දැන් කියයි කියල බලාගෙන ඉන්නකොට අන්තිමයට එකක් ඉස්සෙල්ලා ම‍ෙග් අංකේ කිව්වා. Group number 17ලු. අ‍ෙඩ් groups තියෙන්නෙත් 17. අ‍ව්ලකුත් නෑ ඉතින් මොනව කරන්නද?

මැඩම් කොලවගයක් උඩදාල එකක් ගන්න කිව්වා. මම ඉතින් අන්තිම group එකේනෙ. ඉතින් හිමිං හිමිං ගිහින් අන්තිමටම තුණ්ඩුවක් ගත්තා. මාර case එක. අන්තිමටම ගිය මට නොම්මර එක.

ඊටපස්සෙ මැඩම් නොම්මර එක ලැබුන අයට අත් උස්සන්න කියල අපිට උරුම project එක බාර දුන්නා.

මේක real requirement එකක්ලු. “Develop an Inventory Management/Control system for Institute of HR Advancement(IHRA)”.

Client : Dr. H.M.Premarathna
Assistance: Ms. Sarasi

ඊටපස්සෙ project proposal එක (හිස්තැන් පුරවන්න) දීලා 16දාට පුරවගෙන එන්න කිව්වා. තව දෙයක්, ලබන සතියේ අයියලාගේ projects 2,3ක් පෙන්නන්නං කියල කිව්වා.

දැන් අයියේ අපි මොකද කරන්න ඕනා??? ඊටපස්සෙ මොකද වෙන්නේ?? project proposal එක පුරවනකොට special method එකක් තියෙනවාද? (මේ ගැන පුස්තකාලෙ පොත් තියෙනවාද?)මේ කියපු Institute of HR Advancement කොහෙද තියෙන්නේ?? පිටතැනක් නිසා අපිට එහෙ යන්නවෙයි නේද? එතකොට ප්‍රේමරත්න සර්ගෙන් ලැබෙන සහයෝගය කොයිවගේද??

අපිනම් කිසිම අදහසක් නැහැ. අනේ අයියේ පුංචි support එකක් දෙන්න. අයියලටත් දසදහසක් වැඩ ඇති නේද?? අයියලට තාම නිවාඩු නේ?

Posted by NadiraPerera on Wed, 09/02/2009 - 20:27
හරි

මම වැඩ කරෙත් Institute of HR Advancement(IHRA) එකට. කිසිම අවුලක් නෑ.
ඒක තියෙන්නෙ සිරිමාවො එක ගාව. අධිආරක්ෂිත කලාපයේ. ගනං ගන්න එපා.
ගනුදෙනු ඔක්කොම director එක්කම තියාගන්න. director: DR. Hirumuregama. VC ගේ මහත්තයා. හිත දිනාගත්තොත් කියල වැඩක් නෑ.
පිටතැනක් උනාට ඒක තමන්ගෙ තැනක්ම වෙනව අනිවාර්යයෙන්ම. අපි තාම වැඩ කරනව මේක ඉවර වෙලා මෙච්චර කල් ගිහිල්ලත්.
project proposal එක පුරවන්න විදියක් තියෙනව ඒක එයගොල්ලො දෙන්න ඔන. දුන්නැත්තං කියන්න මං අපේ එක එවන්නම්.

අපි ඇවිත් ඔයාලට කතා කරන්නම් නිවාඩුවෙන් පස්සෙ.

Posted by kanishka_3000 on Fri, 09/04/2009 - 20:32
Thanks අයියා.

Thanks අයියා. අයියලටත් ලැබුනෙ ඒ company එක කියල අහල මම ගොඩක් සතුටුවුනා. මේ company එක අපේ තව group එකකටත් ලැබිල. එයාලගෙ topic එක Administrative Extensive Courses ලු.

අයියේ අර මුලම Post එකේ කියල තිබ්බෙ ‍“අපට ලැබුන චොදනාවක් වූයේ එකම ආයතනයක කණ්ඩායම් දෙක වෙනස් ආකාරයේ මුහුණත් නිර්මාණය කර තිබීමයි” කියලා. ඒකේ තේරුම groups දෙකේම එකවගේ User Interface එකක් තියෙන්න ඕනා කියන එකද? එතකොට අයියේ අ‍ෙප් software එකේ User Interface එක අයියලාගේ softwareවල User Interface එකත් එක්ක compatible වෙන්න ඕනානේද? (මොකද එකම company එකකට හදන නිසා)

එතකොට අයියේ මේ system එක webbased ද නැද්ද කියලා දැනගන්නේ/තීරණය කරන්නේ කොහොමද?

මැඩම් කි‍ව්වෙ project proposal එක 16වෙනිද දෙන්න කියලා. ඒත් LMS එකේ තියෙනවාලු 11වෙනිද දෙන්න කියලා.

Requirement gathering ‍වලට system එකේ usersලා interview කරන්න වෙනවා නේද? එතකොට අයියේ usersලා කවුද කියල දැනගන්න/Interview කරන්න ඕන කවුද කියල දැනගන්න company එකේ organization chart එක ඕනවෙන‍වා. ‍ඒ ‍වගේම manual system එකේ පාවිච්චි කරන forms, reports වල samples, තව එයාල පාවිච්චි කරන special documents වල samples එහෙම interviews වලට ඉස්සෙල්ල ඉල්ලගන්න වෙන‍වනේද?

තව ප්‍රශ්න ගොඩයි. අයියාට වෙලාව තියේනම් විතරක් උත්තර දෙන්න. Thanks again

Posted by NadiraPerera on Sun, 09/06/2009 - 12:21
project proposal

ඔයාලට ලැබෙන ලේසිම දේ තමයි project proposal එක මට මතක හැටියට ඒකෙ තියෙන්නෙ අත්සන් කරන එක විතරද කොහෙද වැදගත් දේකට. IHRA එක විශ්ව විද්‍යලයේම කොටසක්. ඒක කම්පැනියක් නෙවෙයි.
project proposal එක දෙන වෙලාවට හරියටම ඔක්කොම දැන ගෙන ඉන්න ඔන නැ. දල අදහසක් විතරයි තියෙන්න ඔන.
interview කරන්න ‍ඔන කට්ටිය දැනගන්න මුලින්ම director ව හම්බු වෙලා බලමු. එතකොට කියයි කාත් එක්කද කතා කරන්න ඔන කියල. මොකද ඔයගොල්ලන්ගෙ project එක ලැබුනෙ ඒයාගෙ ඉල්ලීම උඩ.
11 වෙනිදට ලෑස්ති වෙන්න නැත්තං අන්තිමට lms එකේ දාල තියෙන්නෙ ලමයින්ට බලන්න ඒක නිසා වෙලාවට දුන් නැත්තං ලකුණු අඩු කරනවයි කියල කියයි.
"manual system එකේ පාවිච්චි කරන forms, reports වල samples", නම් ඉල්ලපු ගමන් හම්බු වෙනව අඩුයි. කතා කරන කොට ටික ටික තේරෙයි ඔන ඒව මොනවද කියල. තව ටික දවසකින් සතියට දවස් 3 විතර ඒගොල්ලංව හම්බු වෙන්න යන්න වෙනව.
හෙට අපි කතා කරන්න වෙලාවක් හොයාගන්න බලන්නම්. අපිට දවසම වැඩ. මේ තියෙන්නෙ තැන. පේන් නැත්තං දෙපාරක් zoom කරන්න.

View Larger Map

Posted by kanishka_3000 on Sun, 09/06/2009 - 17:19
Experience of First site visit

හැමදාම ලොජ් එකට ආවත් post එකක් දාන්න වෙලා‍වක් ලැබුනෙ නෑ. ඒත් මම අපේ අයට කිව්වා lodge එකෙන් max සපෝට් එකක් ගනිං කියලා. (අපි ඉතිං මේ ද‍වස්‍වල හරි busy නේ...)

ඒක නෙමෙයි අයියේ. අපිට supervisor හිටියෙ ප්‍රේමරත්න සර් නේ. ඉතින් අපි ස‍ර් එක්ක කථා කරගන්න ගියා. එතකොට සර් කිව්වා මම මේ මුලු semester එකේම නිවාඩු කියලා. ඒ ගමන අපිව කසුන් සර්ට බාර කලා. තාම කසුන් සර්ව මුන ගැහෙන්න ගියේ නෑ. (සර් මේ ටිකේම ඇවිත් නෑ).

හරි. බදාදා IHRA එකේ groups දෙකටම academic එකට සම්බන්ධ කෙනෙක් එක්ක එන්න කිව්වා. ඒ වෙද්දි අපිව කසුන් සර්ට යොමුකරල තිබුනෙ නෑ. ඉතිං IHRA එකේ අනිත් group එකේ supervisor, කපිල සර් එක්ක අපි ගියා.

IHRA එකේ director අපෙන් අ‍වුරුදු 10වත් service එකක් ඉල්ලුවා. කපිල සර් කිව්වා ඒක නං කරන්න අමාරුයි කියල. එතකොට director කි‍ව්වා අපි 9 දෙනාට එකතුවෙලා company එකක් පටන් ගන්න කියලා. (ඕව ඉතිං ක‍වද කෙරෙන වැඩද???) අනිත් වැඩටික නං අවුලක් වුනේ නෑ.

අයියේ අපි project එකට නමක් යෝජනා කරන්න ඕනා නේද? ඒක කොයි‍වගේ එකක් වෙන්න ඕනා ද? ඒ ගැන නම් කිසිම අදහසක් නෑ. අපි කැමති නමක් යෝජනා කරන්න පුලු‍වන්ද? නිකං Inventory Management System for IHRA වගේ එකක් හොඳයිද? පුලුවන්නං උදාහරණයක් දෙනවද?

ඒ විතරක් නෙමෙයි. IHRA එකේ පුස්තකාලයේ Bar code readers පාවිච්චි කරනවා කිව්වා. ඒ නිසා Inventory Management System එකටත් ඒ‍වා දාන්න කිව්වා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි System එක හදපු දාක ඒක test කරන්න විදියක් නැති එකයි. ඒකට මොකද කරන්නේ???

IHRA එකේ directorයි IT බාරව ඉන්න දර්ශන අයියයි දෙන්නම මගින් මගටම කි‍ව්වා Open source වැඩකරන්න කියලා. තවම අපිට System එක හදන languages ගැන කිසිම අදහසක් නෑ.
අ‍පිට technical assistant විදියට නම්කලේ සරසි මිස්ව. ඒ මිස් කිව්වේ දැන්ම දැන්ම පොඩ්ඩ පොඩ්ඩ languages කිහිපයකින් try කරල හොඳ language එකක් තෝරගමු කියල. ඒත් අ‍පි project proposal එකේ software requirements සටහන් කරන්න ඕනා. ඒකට මොකද කරන්නේ??

අයියලා එදා කතා කරල ගියාට පස්සේ අපේ අයගෙ ලොකු වෙනසක් තියෙන‍වා. (කට්ටිය බරටම වැඩ). අයියලා එදා කිව්වනෙ client ව සතියට දෙතුන් වතා‍ව මුන ගැහෙන්න වෙයි කියල. එතකොට අයියේ ඒක client ට වදයක් වෙන එකක් නැද්ද?

අයියලට මේක ප්‍රශ්න පත්තරයක් වගේ පෙනෙයි නේද? අයියලට වෙලා තියෙන හැටියට උත්තර දෙන්න. Thanks. මම අපේ අයට ආයෙත් කියන්නම් ‍තියෙන ප්‍රශ්න මෙතනට දාන්න කියලා.

Posted by NadiraPerera on Thu, 09/10/2009 - 22:03
Questions

මම එදා කිව්ව වගේ මගේ අදහස තමයි දැන් ඉදලම කොඩින් පටන් ගන්න කියන එක. හිමිහිට කලබල නැතුව දැන් පටන් ගත්තම අපිට වැරදි හදාගන්න ඔන තරම් කාලයක් තියෙනව. මේක අපේ අයියල අපිටත් කියපු දෙයක්. අපි හැදුවෙ web based system එකක්, නමුත් පස්සෙ පස්සෙ තේරුනා ප්‍රායෝගිකව, අපි හිතපු දේවල් සමාජයේ කරන්න බෑ කියල. අපි හදපු එක බොහෝ විට desktop application එකක් විදියටම භාවිතා කරයි.
@"IHRA එකේ director අපෙන් අ‍වුරුදු 10වත් service එකක් ඉල්ලුවා", අපිටත් ඔක උනා. හිරුමුරේගම සර් හරි හොදයි. කරන්න බැරි දේවල් කරන්න බෑ කියල මූණටම කියන්න, වැරදියට ‍හිතන එකක් නෑ. අනික මට කියන්න තියෙන්නෙ ඔනවට වඩා client ට බලාපොරොත්තු දෙන්න එපා. පොඩි දෙයක් කරනව වගේ ඉන්න, නමුත් ලොකු දෙයක් කරන්න. සරසි මිස් අපේම අක්ක කෙනෙක් ඒක නිසා කිසි ප්‍රශ්ණයක් නෑ. ඔයාලට ඔන දෙයක් කතා කරන්න පුළුවන්.
නමක් නිකං හිතල දාන්න. මතක ඇතුව proposal එක වෙලා ඇතුව හිරුමුරේගම සර්ට පෙන්නන්න. සර් නමක් දායි හරි නැත්තං. ඔව ගැන එච්චර හිතන්න එපා.
Bar code readers: ලේසි වෙයි කියල හිතන්න අමාරුයි. අනිත් වැඩ ඉවර කරල වෙලා තිබුනොත් පටන් ගන්න. ඔක බදාගෙන හිරවෙන්න එපා. php , java වල නම් හදපු ක්ලාස් තියෙනව. කරන බව නොකියා ශේප් එකේ තොරතුරු ටිකක් හොයල බලන්න. අපි කවුරුත් කරල නම් නෑ.
ඔන වෙලාවක ගෟප් එකට අදාල අයියලව/අක්කලව හම්බුවෙලා කතා කරන්න.

Posted by kanishka_3000 on Fri, 09/11/2009 - 10:42
Software

project එකට ඔනෑම මෟදුකාංගයක් භාවිතයට නිදහස තියෙනවා.
Rational Rose : proprietary software එකක්. වෙනුවට staruml පාවිච්චි කරල බලන්න. අපි දිගටම භාවිතා කලා කිසි කරදරයක් නෑ.
http://staruml.sourceforge.net/en/

ER diagram වලට smart draw හොදයි. අපේ server එකේ ඇති.
මං මුලින් කිව්ව ‍වගේ system core එක(web based) netbeans for php කරන්න. interfaces dream weaver හොදයි.

Desktop application එකක්(java) නම් netbeans හරි, eclipse හරි හොදයි.

Posted by kanishka_3000 on Sat, 09/12/2009 - 22:56