සිංහලයෙන් බ්ලොග් ලිවීම
බ්ලොග් ලිවීම කලක් තිස්සේ අතහැර සිටි මා නැවත එයට අවතීර්ණ වූයේ UCSC LODGE දියත් කිරීමත් සමගය. බොහෝ විට තාක්ෂණික දෑ සම්බන්ධව ලියැවෙන මගේ බ්ලොග් සටහන් දමිළ මිතුරන් වෙතද ගෙන යාමේ අවශ්‍යතාව නිසා මා ඒවා ලියුවේ ඉංග්‍රීසි බසිනි. නමුත් Ubuntu මත සිංහල භාෂාව ස්ථාපනය කිරීම පිළිබඳ මා ලියූ සටහනෙන් පසුව සිංහලෙන් බ්ලොග් ලිවීමට ආශාවක් මට ඇති විය.
ඉහත කී හේතුව නිසා UCSC LODGEහි මා ලියන බ්ලොග් සටහන් වලින් බොහොමයක් ලියන්නට සිදු වන්නේ ඉංග්‍රීසි බසිනි. එබැවින් 'ශාකුන්තලගේ සටහන් පොත' නමින් මම සම්පූර්ණයෙන්ම සිංහලෙන් පළ වන බ්ලොග් එකක් ආරම්භ කළෙමි. http://shaakunthala.blogspot.com වෙත පිවිසීමෙන් ඔබටත් එය කියවීමට හැකියි.
කෙසේ වුවද UCSC LODGEහි මගේ බ්ලොග් සටහන් පළවීම පෙර පරිදිම (සිංහල/ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම) සිදුවනු ඇති.
~ ශාකුන්තල ~
- shaakunthala's blog
- Login or register to post comments
එලකිරි මල්ලි, දිගටම ලියන්න. අනිත් අයවත් උනන්දු කරන්න. මගෙන් සුභ පැතුම්. ජය වේවා.