මෙන්න තවත් අලුත් සිංහල මෘදුකාංගයක් - "මානවයා 1.01"
හිතාදර සිංහලයෙනි,
ආයුබෝවන් !!!
සිංහල යුනිකෝඩ් භාවිතා කරන අප සියලුම දෙනාගෙ පරම අභිප්‍රාය තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුල, එහෙමත් නැත්නම් පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රය තුල අපේ මව් බස වන සිංහල භාෂාවේ භාවිතය ව්‍යාප්ත කරලීම. එහෙම නේද? මේ සඳහා සිංහල
වෙබ් අඩවි, බ්ලොග් අඩවි වගේම සිංහලෙන් සෑදූ මෘදුකාංගත් ඉතා විශාල දායකත්වයක් සපයනවා. ඉතිං සිංහලෙන් නිර්මාණය වන මෘදුකාංග පිළිබඳවත් අපේ මේ සිංහල යුනිකෝඩ් භාවිතා කරන සෑම කෙනෙක්ම සෙවිල්ලෙන් ඉන්න බව නොරහසක්.
මේ කියන්න හදන්නෙ එහෙම කල එලි බහින තවත් සිංහල මෘදුකාංගයක් ගැන.
"මානවයා 1.01" ලෙසයි මෙය නම් කරලා තියෙන්නෙ.
හැඳින්වීම: මානව ශරීරයේ අවයව සහ පද්ධතීන් පිළිබඳ වූ සිංහල විශ්වකෝශය.
සිංහලෙන් දත්ත සහ රූප ඇතුලත් ජීවවිද්‍යාත්මක විශ්වකෝශයක් තමයි මේ මානවයා 1.01 කියන්නෙ. ඔව් අපේ ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට වගේම අපිටත් මේක ප්‍රයෝජනවත් වේවි! මොකද අපිට අපේ ශරීරය ගැන දැනගන්න වයස ප්‍රශ්නයක් නෑනෙ.
මෙම මෘදුකාංගය ශ්‍රී ලංකා පාසල් ජාලය (SchoolNet) මගින් ද පිළිඅරගෙන පාසල් ජාල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. http://www.schoolnet.com ගිහින් බලන්න. නමුත් මෙතැනින් භාගත කරගන්න දෙන්නෙ පාසල් ජාල පරිශීලකයින්ට විතරයි. ඔබ සියළු දෙනාට භාගත කරගන්න පුළුවන් සබැඳුමක් මම පහතින් සඳහන් කරලා තියෙනවා.
මගේ ප්‍රථම නිර්මාණය වන මේ මෘදුකාංගය පාසල් ජාලය සඳහා නොමිලේ ලබා දුන්නා වගේම අප රට වැසි සියළුම දෙනාට පරිශීලනය කල හැකි ලෙස නොමිලේ ලබා දෙන්න මම අද මෙය සයිබර් අවකාශයට මුදාහරිනවා. අද (අප්‍රේල් 8) මගේ උපන් දිනය දවසෙ මා මෙය සියළු ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදෙන්නෙ මගේ උපන් දිනයට මම මගේ රටට
ලබා දෙන තිලිණයක් ලෙසයි.
මෙම සිංහල විශ්වකෝශය භාගත කරගෙන පරිශීලනය කරලා මට ඔබේ අදහස් උදහස් ලියන්න. වැඩිය නෑ 13.3MB විතරයි. එය අද ඔබ මට ලබා දෙන උපන් දින තෑග්ගක් වේවි!
භාගත කරන්න:
http://www.4shared.com/file/93040385/3028e5dd/Manavaya101_Setup.html
භාගත කරන්න කලින් මෙහි ක්‍රියාකාරිත්වයේ තිරදර්ශනයක් (screencast) නරඹන්න කැමති නම් මෙතැනින් බලන්න: http://www.youtube.com/watch?v=gbbgaQ2QbSI
ඔබට බොහෝ තුති!
---
ධනික කෞශල්‍ය පෙරේරා
(උපාධිඅපේක්ෂක)
ඉංජිනේරු පීඨය,
මොරටුව විශ්වවිද්‍යාලය,
ශ්‍රී ලංකාව
ඉ-ලිපිනය: dhanikaperera@gmail.com
dhanika@schoolnet.lk
මම ගැන: http://dhanika.schblogs.lk
අඩවිය: http://www.schoolnet.lk
- Dhanika's blog
- Login or register to post comments
ඔබගේ මෘදුකාංගය හොඳ දෙයක්.
එහෙත් ඔබට දැනටමත් මෙහි ඇඩිමින් වරු දැන්වා නැත්නම්, මෙම වෙබ් අඩවිය UCSC ශිෂ්‍යයන්ට පමණක් විවෘතව ඇති අඩවියක බව දැන්වා සිටිමි.
ඔබ මෙහි ලියාපදිංචි වූ වහාම හෝ ඔබගේ පෝස්ටයක් දුටු ගමන් එය දන්වා සිටීම සාමාන්‍ය සිරිත වුවත් මෙහිදී එය සිදු වී නොමැති බව පැහැදිලිය. කණගාටුවෙන් වුවත් දන්වා සිටිය යුත්තේ මෙහි සාමාජිකයෙකු ලෙස පිටස්තරයෙකුගේ ක්‍රියා වලට විරුද්ධ වීමට සිදු වෙන බවයි. අපහසුතාවයක් සිදු වූවානම් කණගාටුව.
::::::: Chamila :::::::
ඔබේ ප්‍රතිචාරයට තුති! ඔබ මේ දැක ඇත්තේ මෙම මෘදුකාංගය පිළිබඳ මගේ මෙහි blog එකේ දැමූ ලිපියයි. එය බොහෝ දෙනෙකු දැක නොමැත.
මෙම මෘදුකාංගය පිළිබඳව මා මෙහි පළ කල thread එකට නම් මට බොහෝ ප්‍රතිචාර ගණනක් ලැබුණි.
මා USCS Lodge හි ලියාපදිංචි වී දැන් මාසයකට වැඩිය. නමුත් තවමත් මෙය අවලංගු වූයේ නැත. මා මෙහි ආවේ මගේ මෘදුකාංගය පිළිබඳ UCSC අය දැනුවත් කිරීමට මිස මට පෞද්ගලික blog එකක් නොමැති නිසා නොවේ.
මෙම අඩවිය ඇත්තේ UCSC අයට පමණ නම් ඔවුන්ට පමණක් ලියාපදිංචි විය හැකි ලෙස අඩවිය සකසන්න. අඩු තරමේ ලියාපදිංචි වන විටදී වත් ඒ පිළිබඳ සඳහනක් යොදන්න.
--
ධනික කෞශල්‍ය පෙරේරා
http://dhanikauom.blogspot.com
(උපාධීඅපේක්‍ෂක)
ඉංජිනේරු පීඨය,
මොරටුව විශ්වවිද්‍යාලය