නිවැරදිව සිංහල යතුරුලියනය භාවිතය

Posted by shaakunthala on Sat, 10/18/2008 - 15:46

දැන් අපේ බොහෝ දෙනා සිංහල යුනිකෝඩ් භාවිත කරන බව පෙනෙන්නට තියෙනවා. Facebook, Google Talk, Yahoo Messenger වැනි යෙදුම් තුළ බොහෝ දෙනා දැන් සිංහල යුනිකෝඩ් භාවිතයට නැඹුරු වෙලා.
නමුත් සිංහල භාෂාවේ තිබෙන සියළුම අකුරුත් බැඳි අකුරුත් මේ සිංහල යුනිකෝඩ්හි අඩංගුව තිබෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. එමෙන්ම "ඳ", "ඟ" අකුරු යතුරුලියනය කරන විධියත් ගොඩක් අය දන්නෙ නැහැ. පහත දැක්වෙන pdf ගොනුව download කරගෙන බලන්න. සිංහල යුනිකෝඩ් යතුරු පුවරුව ගැන සම්පූර්ණ විස්තරයක් එහි අඩංගුයි.

0
එල එල

නියම වැඩක් 

Posted by janith on Sat, 10/18/2008 - 21:52
විජේසේකර යතුරු පුවරුවට අමතරව තවත් ක්‍රම

සිංහල යතුරු ලියනය භාවිතයට සමහරු නැඹුරු නොවන්නේ විජේසේකර යතුරු පුවරුව හුරු නැති නිසා යැයි කියා මට සිතුණි. මෙයට තවත් විකල්ප ක්‍රම කිහිපයක් දැමීමට සිතුවේ එනිසාය.

UCSC යුනිකේත එසැනින් පරිවර්තකය

මෙය සිංහල යතුරු ලියනය නුහුරු නවකයන්ට ඉතාමත් පහසුවෙන් සිංහල භාවිතා කළ හැකි අයුරෙන් සකසා ඇත.
උදාහරණයක් ලෙස -  "මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්මි " කියා ලිවීමට ඔබ ලිවිය යුත්තේ "mama vishva vidhYaala shiShYayekmi" කියාය. මෙතැන ලිවූ පසු ඔබට අවශ්‍ය ස්ථානයට ඇලවීම පමණි කළ යුත්තේ.

ගාර්ප් සිංහල ලියනය

මෙයද ඉහත ආකරයෙන්ම සිංහල යතුරු ලියනය කිරීමට භාවිතා කළ හැකි ක්‍රමයකි. සුළු වෙනස් කම් කිහිපයක් ඇත. මෙහි ප්‍රධානතම වාසිය වෙනත් තැනක ලියා ඇලවීමට අවශ්‍ය නැති වීමයි.

MicroSinglish

මෙයද ඉහත ආකාරයටම භාවිතා කළ හැකි තවත් ක්‍රමයකි.

මෙය සිංහල භාවිතයට තවමත් හුරු නැති නවකයන්ට උපකාරයක් වේ යැයි සිතමි.

Posted by sabour86 on Thu, 10/23/2008 - 21:54